Sunday, August 17, 2014

ආදරය.....


01) මාගේ තුන් හිතම බලා සිටියේ පේවී ආදරය කරන්නටය. එහෙත් අද වන විට ආදරය පිළිබඳ සිහිනයක් මිසක බලාපොරොත්තුවක් මගේ හදවත සන්තකව නැත.


02) ජීවිත පද රචනයට කොහොමත් කාගේ හෝ තනුවක් අවශ්‍යය. ජීවිතයේ සතර අත පැතිරී ගිය හුදකලාව විසින් හදවත තුළ ඇතිකළ පාළුව රස විඳිය හැකි යැයි මට සිතෙයි. එහෙත් ඒ රසවින්දනය කිසිවෙකු විසින් හිතට පුරුදු කළ යුතුය. පුරුදු කර, ප්‍රගුණ කළයුතුය......................



03) රාත්‍රියට සියළු පුහු ආටෝපයන් ඉවත් කළ යුවතියකගේ මුහුණ සඳ දියෙන් දෙවූ අහසක් බඳුය. එහි ඇත්තේ අතිශය පවිත්‍ර බවකි. පිරිමි සිතක් එකලස් කරගැනීමට තරම් අසීරු වන්නේ ඒ අතිශය පවිත්‍ර බව හා එහි ඇති මෘදු චමත්කාරය නිසාය.



04) පිරිසිදු යුවතියක් යනු පූජා වට්ටියක් වැනිය. පූජා වට්ටියක් පත්තර කඩදාසියකින් වැසිය නොහැක. ඒවා වසන්නේ සුදු පිරුවට වලිනි.



05) භෞතික අචේතනික වස්තූන් සියල්ල තාවකාලිකය. ඒවා මරණයත් සමග අහිමි වේ. එහෙත් ආදරය නම් මහා ආධ්‍යාත්මික බැඳීමේ සුවඳ එසේ නොවේ. එය ආත්ම භවයක් කරා ඇදී යයි......................



06) ආදරය යනු සිහිලැල් මල් මන්දහාසයක් පමණක් නොවේ. එහි අප්‍රමාණ ආත්ම ධෛර්යයක්ද, අපමණ වූ විශ්වාසයක්ද ඇත.



No comments:

Post a Comment

Tricks and Tips