Thursday, April 16, 2015

ආදරය සහ යට ගියාව.......

මාස දෙකයි, දවස් අටක් යනකං බ්ලොග් එක පැත්තෙ ආවේ නෑ.
ලියන්න තරම් දේවල් නෑ දැන් මගෙ හිතේ.
බ්ලොග් එක delete කරනව ළගදිම.

කෙටියෙන් දෙයක් අහන්නම් මොකද මම කෙළින් කතා කරන, කෙළින් වැඩ කරන කෙනෙක්..........,


කෙල්ලො හැමවෙලේම සිරාවට ආදරේ කරනවා.
කොල්ලො සාමාන්‍යයෙන් සිරාවට ආදරේ කරන්නෙ නෑ.

ඒක තමයි ඇත්ත.

ඒත්.........,

කෙල්ලෙක් සිරාවට ආදරේ කරද්දි ඒ ආදරේ නැති උනාම කෙල්ලට ඒ ආදරේ ටික කාලයක් ගිහින් නවත්තගන්න පුළුවන්.

ඒත්,

කොල්ලෙක් සිරාවට ආදරේ කරද්දි ඒ ආදරේ නැති උනාම කොල්ලට ඇයි ඒ ආදරේ නවත්තගන්න බැරි........................???


Sunday, February 8, 2015

පාෂාණිභූත මතකය........

පෙබරවාරි 5 වෙනිදට ඔයා මං ළග නැතුව අවුරුදු 5යි. ඔයාට නම් දැන් මාව මතකවත් නැතුව ඇති.
ඒත් මට .............
කොහොමද මං ඔයාව අමතක කරන්නෙ..............?
අමතක කරන්න පුළුවන් දේවල්ද අපි දෙන්නා අතර තිබ්බෙ බබා....................???
කවදාවත් මට ඒවා අමතක වෙන්නෙ නෑ.


මගේ ජීවිතේ ඔයා කියල ඔයා තාම දන්නෙ නෑ..............................................................


Sunday, October 19, 2014

මගෙ හිත..........

හරියටම මාසයයි දවස් 6ක් යනකං blog එක පැත්තෙ ආවේ නෑ.
ලියන්න දෙයක් තිබ්බෙ නෑ.
කවදාවත් මේ වගෙ වෙලා නෑ.
මුළු හිතම හිස් වෙලා, ලියන්න අදහස් එන්නේ නෑ.
වෙනදට වඩා අමුතු පාළු බවක්, අමුතු හිස් බවක්, අමුතු තනිකමක් දැනුණා.
තාමත් ඒක දැනෙනවා.
හැමදේම හොඳ පැත්තට වුණානම්.........................???


Saturday, September 13, 2014

මතකයන්..........

හිතේ හැංගිලා තිබ්බ ඔයාගෙ මතකයක් මට හදිස්සියෙන් වගෙ මතක් වුණා.
කාලය මිය ගියත් මතකයන් මිය යන්නෙ නෑ.
ඔබ රැඳී ආ ආදරේ නිසා මට ඒ මතකයන් වලින් මිදෙන්න බෑ.
ඒ මතකයන් මිය ගියේ නෑ.
මගේ දෑසින් ගිලිහෙන කඳුළු ඒ මතකයන් සදා රකිනවා.....................


Wednesday, September 10, 2014

දෑසින්........

ඉස්සරම දවස් වල මතකද ඔයා කිව්වා,
"Gishara, මට ඔයාව බලන්න මගේ ඇස් දෙක ඕනෙ නෑ.රත්තරන්.
මට මගේ ඇස් දෙක වහගෙන උනත් ඔයාව බලන්න පුළුවන්.
ඒ මං ඇස් දෙක වහගත්තම මට ඔයාවම විතරයි පේන්නෙ රත්තරන්." කියල.............???

ඒත් දැන් මට ඔයාව මතක් වෙද්දි මං ඇස් දෙක පියාගන්නවා.
මං ඇස් දෙක අරිද්දි මගේ ඇස් වලට කඳුළු පිරිලා.
හිත කැඩුනට පස්සෙත් මේ හිත තාමත් රිදෙනවා.
වෙලාවකට හයියෙන් හුස්ම ගන්න ඕනෙ.
ඒ තරම් මගෙ හිත බර වෙලා.

කොච්චර දේවල් මගෙ හිතේ තිබ්බත් මට ඒවා කියාගන්න බෑ.
මගේ තොල් දෙක හොලවන්න බෑ වචන කතා කරන්න.
තාමත් මට හිතාගන්න බෑ මගෙන් ඈත් වෙන්න තරම් ඔයා හිත හදාගත්තෙ කොහොමද කියල.................???

ඔයා මාව දාල ගිහිං අදට හරියටම අවුරුදු හතරයි මාස හතයි දවස් පහයි.
එත්,
මං තාමත් ඔයාට ආදරෙයි බබා..........
ඔයා මේ ඔක්තෝම්බර් 03 වෙනිදා මුලු ජීවිත කාලෙටම වෙන කෙනෙක්ගෙ වෙනවා හැමදාටම.
ඒත්,
මම තාමත් ඔයා මං ළඟ තියල ගිය හීනෙත් එක්ක ජීවත් වෙනවා.........................


Sunday, September 7, 2014

ඔයාට..........

මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා...........
හැම මොහොතෙම මට ඔයාව මතක් වෙනවා............

මං ඔයාව තුරුල් කරගෙන හිටපු හැටි, ඔයාගෙ පිටිපස්සෙන් මගෙ අත්දෙක දාගෙන ඔයාව බදාගෙන හිටපු හැටි, පිස්සුවෙන් වගේ ඔයාව ඉම්බ හැටි, ඔයාගෙ නහය හප හප හිටපු හැටි, ඔයාගෙ බෙල්ලට මගෙ කම්මුල තියාගෙන හිටපු හැටි, ඔයාගෙ කොණ්ඩේ අස්සෙ මගේ මූණ හංඟගෙන හිටපු හැටි, ඔයත් එක්ක කතා කර කර ඉන්න ගමන් එකපාරම ඔයාව ඉම්බ හැටි...............

මට තාමත් මතක් වෙනවා බබා.............

මං තාමත් ඔයාට ආදරෙයි..........
මාව දාල යන්න තරම් ඔයාට මාව එපා උනේ ඇයි මගෙ මැණික............???


Wednesday, September 3, 2014

මගේ ආදරේ..........

මට ඔයත් එක්ක ෆිල්ම් හෝල් වල Box එකක් අස්සට යන්න ඕනෙ උනේ නෑ............
මට ඔයත් එක්ක Room එකක තනි වෙලා ඉඳුරන් පිනවන්න ඕනෙ උනේ නෑ............
එහෙම නැත්තම් Bus එකේ සීට් එකක කොනකට වෙලා, ඔයාගේ T Shirt එකට යටින් අතදාලා ඔයාගේ දේවල් අතගාන්න ඕනෙ උනේ නෑ............

මට ඕනෙ උනේ,
පන්සලක් වගෙ ආදරයක්............
ඒකෙ තිබුණේ පොඩි හීන.
ඔයාගෙ අත අල්ලන් ඉන්න, රෑ එළි වෙනකං Phone එකෙන් කතා කර කර ඉන්න, උදේට ඔයා පන්ති යද්දි හෝල්ට් එක ළගට ඇවිත් ඔය දිහා හොරෙන් බලන් ඉඳලා යන්න............

ඒ වගේ ආත්මීය බැඳීමක් හදාගන්න මට ඕනෙ උනේ.................

එත්,
ඔබ
දිනක්
ඔබගේ
යෙහෙළියක්
හට යැවූ Msg එකක් දුටිමි.
(ඒ ඔබ දිනක් ඔබේ දුරකතනයේ ඇතිවූ GPRS ගැටළුවක් නිරාකරණය කරගැනීමට මට දුන් විටය.)

Apo machan e yaka upaasakayek wage ban. Athin allanawa, Kiss karanawa witharai ban. Wena mukuth karannema ne.

යෙහෙළිය මෙසේ පිළිතුරු එවා තිබුණි.

Apo mokakda ban? Okata mukuth karaganna barida? Naththam oka maanasika rogiyekda? Uba uwa atharapan. Mage BFge yaluwek innawa, u fun pora. Man ubata uwa set karannam.

දින කිහිපයකින් ඔබේ දුරකතන අංකය ඉවත් කර තිබුණි. මගෙ හිත දුකින් බර විය. නමුදු හිත හදාගතිමි.
ඒත් ඔබට මෙසේ කියමි.........

 මටද අනිත් උන් සේම කොහේ හරි අස්සකට උඹව උස්සගෙන ගිහිං උඹට ඕනෙ කරපු දේ කරන්නට නොහැකියාව නොව, මම උඹට ආදරේ කළෙමි. මගෙ පණටත් වඩා මම උඹට ආදරේ කළෙමි. ඒ නිසා මට මෙසේ විය. කම් නැත.........

මින් ඉදිරියට එසේ නොවේවි.
කෝ පූජනීයයි කියන ආදරේ.......................................???


Tricks and Tips