Wednesday, September 10, 2014

දෑසින්........

ඉස්සරම දවස් වල මතකද ඔයා කිව්වා,
"Gishara, මට ඔයාව බලන්න මගේ ඇස් දෙක ඕනෙ නෑ.රත්තරන්.
මට මගේ ඇස් දෙක වහගෙන උනත් ඔයාව බලන්න පුළුවන්.
ඒ මං ඇස් දෙක වහගත්තම මට ඔයාවම විතරයි පේන්නෙ රත්තරන්." කියල.............???

ඒත් දැන් මට ඔයාව මතක් වෙද්දි මං ඇස් දෙක පියාගන්නවා.
මං ඇස් දෙක අරිද්දි මගේ ඇස් වලට කඳුළු පිරිලා.
හිත කැඩුනට පස්සෙත් මේ හිත තාමත් රිදෙනවා.
වෙලාවකට හයියෙන් හුස්ම ගන්න ඕනෙ.
ඒ තරම් මගෙ හිත බර වෙලා.

කොච්චර දේවල් මගෙ හිතේ තිබ්බත් මට ඒවා කියාගන්න බෑ.
මගේ තොල් දෙක හොලවන්න බෑ වචන කතා කරන්න.
තාමත් මට හිතාගන්න බෑ මගෙන් ඈත් වෙන්න තරම් ඔයා හිත හදාගත්තෙ කොහොමද කියල.................???

ඔයා මාව දාල ගිහිං අදට හරියටම අවුරුදු හතරයි මාස හතයි දවස් පහයි.
එත්,
මං තාමත් ඔයාට ආදරෙයි බබා..........
ඔයා මේ ඔක්තෝම්බර් 03 වෙනිදා මුලු ජීවිත කාලෙටම වෙන කෙනෙක්ගෙ වෙනවා හැමදාටම.
ඒත්,
මම තාමත් ඔයා මං ළඟ තියල ගිය හීනෙත් එක්ක ජීවත් වෙනවා.........................


No comments:

Post a Comment

Tricks and Tips