Monday, August 18, 2014

සිතුවිළි.......



වෙලාවකට මට හිතෙනවා හොඳ කෙල්ලෙක්ට ආදරේ කරන්න. බූට් එක කාපු එක පැත්තකට දාලා, හොඳ කෙල්ලෙක්ට පැලෙන්න ආදරේ කරන්න හිතෙනවා. ඒත් හොඳ කෙල්ලො නැති එක තමයි ප්‍රශ්ණේ. අනිත් එක තමයි, අහන, අහන කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. එහෙම කිව්වම හිතන්න එපා මං මහ කුකුළෙක් කියල. කෙල්ලෝ ඉන්න නිසා තමයි කොල්ලො හැදෙන්නෙ, ඒ වගේම තමයි කෙල්ලො නිසාම තමයි කොල්ලො නාස්ති වෙන්නෙත්. හොඳම උදාහරණය තමයි මම. :D මං අද මෙහෙම චොර වෙලා ඉන්නෙ කෙල්ලෙක් හින්දා. වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම මං මගේ පණටත් වඩා ඒ කෙල්ලට ආදරේ කරපු හින්දා. ඒ වගේම එයාව පරිස්සම් කරපු හින්දා. මගෙ අම්මා කිව්වා 'උඹ ඔය කෙල්ලට ඔච්චර ආදරේ කරන්න එපා, ඔච්චර පරිස්සම් කරන්න එපා, කවදහරි ඔය කෙල්ල උඹව දාලා යයි' කියල. මං අම්මටත් බැන බැන හිටියා, 'නෑ එයා එහෙම නෑ, එයා මාව දාලා යන්නෙ නෑ, එහෙම වෙන්නෙ නෑ' කියල. ඒත් අම්මා කිව්ව දේ අන්තිමට හරිගියා. එයා මාව දාලා ගියා............... ඒත් මං තාමත් එයාට ආදරෙයි. (මගෙ බයිලා ඇහුවා ඇති වගෙ නේද..............??? අපි ආයෙත් කතාවෙ මුලට යමු...............)

කෙල්ලො............ හ්ම්ම්ම්............ අමුතු ජාතියක් තමයි කෙල්ලො කියන්නේ. තේරුම්ගන්න හරි අමාරුයි එයාලව. අනේ මන්දා මේ මට හිතෙන හැටිද කියලා. ආයෙත් කෙල්ලෙක් සෙට් කරගන්න හිතෙන්නෙ නෑ. ලොකුම හේතුව තමයි අහන, අහන හැම කෙල්ලටම කොල්ලෙක් ඉන්න එක. අනිත් එක තමයි වාසනාව නැති එක. පොඩි කාලෙ ඉඳන්ම වාසනාව කියන දේ මට නෑ. ඒ නිසා මං මට ඕන දේවල් ලබා ගත්තෙ ගොඩක් මහන්සි වෙලා. ඇත්තටම ගොඩක් මහන්සි වෙලා. දැන් නම් මට ඇති වෙලා තියෙන්නෙ. හැමදේම එපා වෙලා තියෙන්නෙ. ආදරේ කරන්න ආසයි. ගොඩාක් ආසයි. ඒත් බයයි.

මොකද, කලින් විඳපු දුක තාමත් මං විඳින හින්දා..........................


No comments:

Post a Comment

Tricks and Tips